නාවික හමුදාව කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පලෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කරන ලද තවත් විෂබීජ හරණ වැඩසටහනක් අද (2020 මාර්තු 20) කොළඹ, බැස්ටියන් මාවතේ පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් අත්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්ත පරිශ්‍රයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය මගින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (2020 මාර්තු 20) කොළඹ, බැස්ටියන් මාවතේ පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අයත් අත්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්ත පරිශ්‍රය කෙන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

මගී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රධාන බස් නැවතුමක් වන මෙම ස්ථානයේ විෂබීජ හරණ කටයුතු සිදු කිරීම නාවික හමුදාව විසින් නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලද අතර, ඉදිරියේදීද මහජනතාව ගැවසෙන පොදු ස්ථානයන් කෙන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.