කොරෝනා වෛරසය මැඩලීමට රජය ගෙන යනු ලබන වැඩසටහනට අවනත නොවූ පුද්ගලයින් 20 දෙනෙක් නාවික හමුදා භාරයට.

කොරෝනා වෛරසය රට තුල පැතිරීම වළක්වාලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ 2020 මාර්තු මස 19 වන දින පස්වරු 0230 සිට පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවක එය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

රට තුළ උද්ගත වී ඇති මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක එය පාලනයට සහාය දීම සඳහා පුරවැසියෙකු ලෙස තමන්ගේ වගකීම් පැහැර හරිමින්, රටේ අනෙකුත් පුද්ගලයින්ගේද ජීවිත අවධානමට ලක්කරමින් හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් රජය දැඩිව නීතිය ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව, රජය විසින් පනවා ඇති පොලිස් ඇදිරි නීති තත්වය නොසලකමින් පුද්ගලයින් පිරිසක් පුත්තලම ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම ප්‍රදේශයට පලායාමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ‍2020 මාර්තු මස 19 වන දින මෙහෙයුමක් දියත් කරන ලද අතර, එහිදී යාත්‍රා මගින් මන්නාරම වෙත පිටත්වීමට සූදානමින් සිටි පහත නම් සඳහන් පුද්ගලයින් බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදි.

1. ඩබ් එස් ප්‍රනාන්දු - හලාවත (වයස අවුරුදු 34)

2. ඩබ්එම්එස්එන් ප්‍රනාන්දු - හලාවත (වයස අවුරුදු 32)

3. ඩබ්එන් ප්‍රනාන්දු - හලාවත (වයස අවුරුදු 25)

4. අයිපී නවාස් - හලාවත (වයස අවුරුදු 24)

5. එස්එස් ජයවර්ධන - හලාවත (වයස අවුරුදු 63)

6. ඒඑස් ප්‍රනාන්දු - කල්පිටිය (වයස අවුරුදු 28)

7. ඩබ්සීඩී ප්‍රනාන්දු - කල්පිටිය (වයස අවුරුදු 22)

8. එම්බීඑම් රුක්‍ෂානා - කල්පිටිය (වයස අවුරුදු 18)

9. එම්බීඑම්වී අල්මේදා- කල්පිටිය (වයස අවුරුදු 16)

10. එම්බීඑම්එම් ලෙසින්ත - කල්පිටිය (වයස අවුරුදු 20)

11. ඒකේ ප්‍රනාන්දු - කල්පිටිය (වයස අවුරුදු 21)

12. එන් ප්‍රනාන්දු - කල්පිටිය (වයස අවුරුදු 43)

13. එම්බී අල්මේදා - කල්පිටිය (වයස අවුරුදු 42)

14. නිම්ලට් ශ්‍යාමලී කෲස් - හලාවත ( වයස අවුරුදු 46)

15. සුදාරි විස්නිකා දබරේරා - හලාවත ( වයස අවුරුදු 22)

16. එස් මරිය ප්‍රසන්ති කෲස් - හලාවත ( වයස අවුරුදු 26)

17. කිස්ටින් ජූඩ් සෙල්වරාජ් කෲස් - හලාවත ( වයස අවුරුදු 52)

18. ඩබ් අමීෂා හර්ෂනී - හලාවත (වයස අවුරුදු 09)

19. ඩබ් රේගියා ෂෙවානි - හලාවත (වයස අවුරුදු 04)

20. ඩබ් ෂනුදි ෂෙහාරා - හලාවත (මාස 06)

මෙම පුද්ගලයින් අතර, කාන්තාවන් 03ක් සහ කුඩා දැරියන් තිදෙනෙක් (03) ද සිටින අතර නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව මේ වන විට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති නමුත් මහජනතාව මෙම කාර්යයන් සඳහා සහයෝගය ලබා නොදෙමින් මෙසේ ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කල නොහැකි කරුණකි. රට තුල පවතින මෙම තත්වය යටතේ තම ජීවිත අවදානමද නොතකමින් නාවික හමුදාව ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා ක්‍රියා කරමින් සිටින අතර, ජනමාධ්‍ය මගින් සහ අනෙකුත් සියළුම අකාරයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධව මජනතාව දැනුවත් කර ඇති අවස්ථාවක, එම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.