සාගරයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංක්‍රමණිකයින් වැළැක්වීම පිළිබඳ ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලයේදී පවත්වන ලදි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් සඳහා ,සංක්‍රමණික පුද්ගලයින් මාරු කිරීම හා සංක්‍රමණිකයන් ජාවාරම් කිරීම සහ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් යන ක්ෂේත්‍රය යටතේ පවත්වන ලද පාඨමාලාවේ සහතික පත් ප්‍රධානය අද (2020 මාර්තු 20) දින ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පුහුණු පාසලේදී පවත්වන ලදි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු නිලධාරි, කොමාණ්ඩර් නිශ්ශංක වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පවත්වන ලද අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටින ලදි. ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායේ නාවික පුද්ගලයින් 08 ක්, නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ කාන්තා නාවිකයින් 02 ක් සහ විශේෂ යාත්‍රා බලඝනයේ නාවික පුද්ගලයින් 03 ක් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සහභාගිවී සිටින ලදි.

පාඨමාලාව දින 12 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදී ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම, සූදානම් කිරීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම, සංක්‍රමණික පුද්ගලයින් මාරු කිරීම හා සංක්‍රමණිකයන් ජාවාරම් කිරීම පිළිබඳව දැනුමක් ලබා දීමට මෙමගින් කටයුතු කරන ලදි.