නාවික හමුදාව විසින් දෙවනවරටත් කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට අතුළුවන ප්‍රධාන දොරටු ආශ්‍රිත ප්‍රදේශයන් විෂබීජහරණය කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් අද (2020 මාර්තු 20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙවන වරටත් අද (2020 මාර්තු 20) එහි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරණය කිරීම සිදු කරන ලදි. එසේම වරාය පරිශ්‍රයට අතුළුවන දොරටු ප්‍රදේශයන් ආශ්‍රිතවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කිරීමේ වැඩසටහනක් අද දිනය තුළදී ක්‍රියාත්මක කරන ලද අතර, මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.