කේරළ ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 20) තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරත්නර සෝදිසිකිරීම් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වී ඇත. ඒ අනුව අද (2020 මාර්තු 20) උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් තලෙයිමන්නාරම, ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඒ පිළිබඳ සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී එහි තිබී කේරළ ගංජා ග්‍රෑම් 55 ක් සොයා ගැනීමට සමත් විය. එහිදී යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) , ඩිංගි යාත්‍රාව සහ එම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික භාරයට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අවුරුදු 29 ක් වන මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගත් අතර, ඔවුන් දෙදෙනා, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.