වැදගත් සිදුවීම්

නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිත කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාග කරයි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් අද (2020 මාර්තු 21) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිතයින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත ප්‍රධානය කරන ලදි.

21 Mar 2020

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේත් විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය කේන්දු කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි

21 Mar 2020

තලෙයිමන්නාරමට උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 21) තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කිලෝ 147 කට ආසන්න තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

21 Mar 2020

ඇඳිරි නීති තත්වය යටතේ අසරණ දිළිදු මිනිසුන් වෙනුවෙන් නාවික හමුදාව දිවා ආහාරය ලබා දෙයි.

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශයන්හි මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදි.

21 Mar 2020

බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 2020 මාර්තු 21) ක්‍රියාත්මක කරන ලදි.

21 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් ගාල්ලේදී

නාවික හමුදාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

21 Mar 2020

නාවික හමුදාව විසින් කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තය විෂබීජහරණය කරයි

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

21 Mar 2020

නාවික හමුදාව ගාල්ල ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගාල්ල ප්‍රදේශයේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු මස 18,19 සහ 20 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.

21 Mar 2020

නාවික හමුදාව විසින් මුන්දලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 19 සහ 20 යන දිනයන්හිදී මුන්දලම පොලිසිය, අධිකරණ ශාලාව, මුන්දලම දිස්ත්‍රික් රෝහල සහ පුත්තලම බන්ධනාගාරය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.

21 Mar 2020