නාවික හමුදාව ගාල්ල ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගාල්ල ප්‍රදේශයේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු මස 18,19 සහ 20 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි. ඒ අනුව 2020 මාර්තු මස 18,19 සහ 20 යන තෙදින තුළ දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ගාල්ල වරාය, කලුවැල්ල ක්‍රිස්තියානි දේවස්ථානය සහ ගාල්ල දිස්ත්‍රික් මහ ලේඛම් කාර්යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

තවද මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ලබයි.