බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද( 2020 මාර්තු 21) ක්‍රියාත්මක කරන ලදි.

නව කොරෝනා වෛරසය රටතුළ ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලද විෂබීජහරණ වැඩසටහනක් අද (2020 මාර්තු 21) බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලෙහි සිදු කරන ලදි. මෙම රෝහල් පරිශ්‍රය තුළ ප්‍රථිකාර සහ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන අතර, එමගින් මෙම වෛරය ව්‍යාප්තවී‍මේ වැඩි අවස්ථාවක් ඇති බැවින් රෝහල් පරිපාලනය මගින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තුළින් රෝහල් පරිශ්‍රයේ සියළුම ස්ථානයන් ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීම සිදු කරන ලදි.

තවද මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව නිරන්තර අවධානයෙන් හා කැපවීමෙන් තවදුරටත් කටයුතු කරනු ලබයි.