ඇඳිරි නීති තත්වය යටතේ අසරණ දිළිදු මිනිසුන් වෙනුවෙන් නාවික හමුදාව දිවා ආහාරය ලබා දෙයි.

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 21) රාගම, වත්තල සහ කඳාන යන ප්‍රදේශයන්හි මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදි.

කෙරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් 2020 මාර්තු 20 වනදින පස්වරු 0600 ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි තත්වය හේතුවෙන්, තම ආහාර පාන සපයා ගැනීමට නොහැකිව අසරණව සිටි දිළිදු පුද්ගලයින් සඳහා දිවා ආහාර ලබා දීම අද (2020 මාර්තු 21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයක් සහ බටහිර නාවික විධානය භාර ආඥාපති සුමිත් වීරසිංහ ගේ උපදෙස් මත වැලිසර නාවික සංකීරණයේ අණභාර නිලධාරී කපිතාන් පූජිත සුගතදාසගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදි. මෙහිදී වත්තල හා ජා ඇල ප්‍රදේශීය බල ප්‍රදේශයන් තුළ මහා මාර්ග අවට ජීවත් වන දිළිදු මිනිසුන් සඳහා දිවා ආහාරය ලබා දීම සිදු කරන ලද අතර, මේ සඳහා වැලිසර නාවික හමුදා සංකීරණයේ සියළුම ආයතනවල නාවික පුද්ගලයින් තම සහයෝගය ලබා දීමට කටයුතු කරන ලදි.

රට තුල පවතින මෙම වාතාවරණය හමුවේ, වෛරසය රටතුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙන්ම මෙවැනි සමාජ සත්කාරයන් සිදු කිරීම සඳහාද නාවික හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටී.