නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිත කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතින් නාවික හමුදාව වෙත පරිත්‍යාග කරයි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් අද (2020 මාර්තු 21) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජිතයින් පිරිසක් විසින් නාවික හමුදාව වෙත ප්‍රධානය කරන ලදි.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය ලබා දෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ අනුව එම වැඩ සටහන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙතින් නාවික හමුදාව වෙත අවශ්‍ය මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දෙමින් සිටී. ඒ අනුව අද (2020 මාර්තු 21) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතාගේ උපදෙස් මත එම කාර්යාංශයේ නියෝජිතයින් පිරිසක් විසින් නිරෝධායන මධ්‍යස්ථානයන්හි භාවිතා කිරීමට අවශ්‍ය යකඩ ඇඳන් 139ක්, මෙට්ට 200ක්, ප්ලාස්ටික් පුටු 100ක් , විසිත්ත කාමර පුටු 02ක් (Chair Settee), සහ මදුරු දැල් 59 ක් මෙලෙස නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි.

නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සංජීව ඩයස් විසින් මෙම පරීත්‍යාගයන් නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද අතර, එම පරිත්‍යාගයන් සාම්පූර් ප්‍රදේශයේ ස්ථාපිතකිරීමට නියමිතව ඇති නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත කඩිනමින් යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි