රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2020 මාර්තු 22) වන දින වැඩ භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල විසින් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත භාර දීම සිදු කෙරිණි. ඒ අනුව එතුමන් විසින් ඉදිරියේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන්ද රාජකාරි කටයුතු සිදු කරනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ස්වේච්ජා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු ටෝනි පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටින ලදි.