වැදගත් සිදුවීම්
ගාල්ල වරාය තුළ යාත්‍රාවන් විෂබීජ හරණයට නාවික හමුදා දායකත්වය.
![](../assets/images/news/event_news/front_img/202003222215.jpg)
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (2020 මාර්තු 22) දින සිදු කරන ලදි.
22 Mar 2020
නාවික හමුදාව රාගම රෝහල කොරෝනා වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.
![](../assets/images/news/event_news/front_img/202003221930.jpg)
රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 22) කටයුතු කරන ලදි.
22 Mar 2020
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/202003221725.jpg)
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී අද (2020 මාර්තු 22) වන දින වැඩ භාර ගන්නා ලදී.
22 Mar 2020
වෙළඳ නෞකා වල සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් මගින් නව කොරෝනා වෛරසය රට තුළට ඇතුල්වීම වැලැක්වීම සඳහා නාවික හමුදාවෙන් විශේෂ වැඩපිළිවෙලක්
![](../assets/images/news/event_news/front_img/202003221345.jpg)
මෙම සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් වෙළඳ නෞකාවලට ගොඩවීම සහ නෞකා වලින් ගොඩ බැසීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාව, එම නෞකා වල දේශීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව නිර්මාණය කරන ලද ක්‍රියාදාමයක් අනුව නාවික හමුදාවේ පූර්ණ අධික්ෂණය යටතේ සිදු වේ.
22 Mar 2020