වැදගත් සිදුවීම්

කොළඹ ජාතික රෝහලෙහි වෛද්‍ය දැඩි සත්කාර ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කිරීම ආරම්භ කෙරේ.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි.

23 Mar 2020

ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය විෂබීජ හරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි

23 Mar 2020

කැස්බෑ මස් සහ බිත්තර තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 23) ත්‍රිකුණාමලය, සීනන්වේලි වෙරළ තීරයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් සහ කැස්බෑ බිත්තර තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020

ගෝඩා බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 22 වන දින, ත්‍රිකුණාමලය, ඉලන්කාන්තෙයි ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී නීති විරෝධි මත්පැන් නිශ්පාදනය සඳහා භාවිතා කරන ගෝඩා සහිත බැරල් පහක් (05) සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020

කේරළ ගංජා කිලෝ 76 කට ආසන්න තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 22 වන දින තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 76 කට අධික තෙත බර සහිත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

23 Mar 2020