කොළඹ ජාතික රෝහලේ සහ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයන් නාවික හමුදා දායත්වයෙන් අළුත්වැඩියා කෙරේ.

කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අළුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් 2020 මාර්තු 22 සහ 23 වන දින සිට ආරම්භ කරන ලදි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙතින් ලබා දීමේ අරමුණින් නාවික හමුදා දායකත්වයෙන් එම රෝහල්හි දැඩිසත්කාර ඒකකයන් අළුත්වැඩියා කිරීම 2020 මාර්තු 22 සහ 23 යන දිනයන්හි ආරම්භ කරන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහල්හි දැඩිසත්කාර ඒකකයන් කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සුදුසු වන පරිදි කොටස් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.

ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රථිකාර සඳහා සුදුසු වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.