මන්නාරම ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

මන්නාරම ප්‍රදේශයේදී අද (2020 මාර්තු මස 24) සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් තිදෙනෙක් (03 ) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම පොලිසිය එක්ව අද (2020 මාර්තු 24) මන්නාරම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එම පුද්ගලයින් පිළිබඳ සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඔවුන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය කර ගැනීමට හැකි විය. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන බවට තහවුරු කර ගන්නා ලද අතර, මෙම පුද්ගලයින් 2020 මාර්තු 13 වන දින දිවයිනට පැමිණ ඇති බව වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මන්නාරම පොලිසිය සිදු කරන අතර, පවතින සෞඛ්‍ය තත්වය යටතේ මෙම පුද්ගලයින් මන්නාරම පොලිසියේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතව ඇත.