නාවික හමුදාව විසින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාසය විෂබීජහරණ කරනය කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) කළුතර දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාස පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව මේ වන විට විසබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි. ඒ අනුව අද (2020 මාර්තු 25) බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ මගපෙන්වීම යටතේ බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාස පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී එම ස්ථානයන්හි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.