නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ වැඩසටහන් අද (2020 මාර්තු 25) ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පැතිරයාම පාලනය සිදු කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදාව මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව අද (2020 මාර්තු 25) උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ පරිවාස හා ළමාරක්‍ෂක සේවා අමාත්‍යාංශය, උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ යාපනය ළය චිකිත්සාගාරය යන ස්ථානයන් කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගෙන් සිදු කල ඉල්ලීමකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජ හරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි

මෙහිදී, ‍එම ස්ථායන්හි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විධිමත්ව එම විෂබීජ හරණය සිදු කරන ලද අතර, ඉදිරියේදීද මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.