වැදගත් සිදුවීම්

පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් සමග යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

25 Mar 2020

නාවික හමුදාව යාපනය ප්‍රදේශයේ තවත් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය ප්‍රදේශයේ ස්ථාන රැසක විසබීජහරණ වැඩසටහන් අද (2020 මාර්තු 25) ක්‍රියාත්මක කරන ලදි.

25 Mar 2020

නාවික හමුදාව විසින් කළුතර දිස්ත්‍රික් මහ රෝහල සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාසය විෂබීජහරණ කරනය කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 25) කළුතර දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය සහ කොළඹ වරාය වෛද්‍ය කොට්ඨාස පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

25 Mar 2020

පොන්නාලේ මාර්ග බාධකයේදී ඉන්දියානු ජාතිකයෙක් සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 මාර්තු 24 වන දින යාපනය, පොන්නාලේ මාර්ග බාධකයකයේදී සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්ෂාවට ලක් කර ඉන්දියානු ජාතිකයෙකු සහ කේරළ ගංජා ලඟ තබා ගත් සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

25 Mar 2020

සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහය

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (2020 මාර්තු 25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.

25 Mar 2020