මුරුන්කන් ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී යෝධ වැවෙහි වැවි බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බොම්බයක් සොයා ගන්නා ලදී.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී යෝධ වැවෙහි වැව් බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බෝම්බයක් සොයා ගැනීමට සමත් විය. එම අත් ‍බෝම්බය එම් 75 (M 75) වර්ගයේ ජීවී අත්බෝම්බයක් බවට තහවුරු කරගන්නා ලද අතර, එලෙස සොයාගන්නා ලද ජීවී අත්බෝම්බය විමර්ශන කටයුතු සඳහා අඩම්පන් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.