වැදගත් සිදුවීම්

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

28 Mar 2020

ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි.

28 Mar 2020

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

28 Mar 2020

මුරුන්කන් ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී යෝධ වැවෙහි වැවි බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බොම්බයක් සොයා ගන්නා ලදී.

28 Mar 2020

කොළඹ මැනිං පොදු වෙළෙඳපොළේ විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 27 වන දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

28 Mar 2020