කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා DSI ආයතනය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කෙරේ

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් DSI ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් සමාජයේ විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත අවශ්‍ය මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. ඒ අනුව 2020 මාර්තු 25 වන දින ගාල්ල බූස්ස කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය වෙත DSI පෞද්ගලික ආයතනය විසින් ආරක්‍ෂක පාවහන් සහ ශල්‍යාගාර පාවහන් 250ක් පරිත්‍යාග කිරීම සිදු කරන ලද අතර, මෙම පරිත්‍යාගයන් දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් නාවික හමුදාව වෙත භාර ගන්නා ලදි.

එම අවස්ථාව සඳහා ඩීඑස්අයි ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වූ අතර, මෙහිදී ඔවුන් විසින් නාවික හමුදාව සිදු කර ගෙන යනු ලබන වැඩසටහන් ඇගයීමට ලක් කර සිටින ලද අතර, දකුණු නාවික විධානය භාර ආඥාපති තුමන් විසින් .මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්දයෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.