කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙත ආරක්‍ෂිත අත් ආවරණ 20000ක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් ලලාන් රබර්ස් (පුද්) සමාගම (Lalan Rubbers (Pvt) Ltd) විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කිරීම අද (2020 මාර්තු 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ වෙනුවෙන් විවිධ ආයතන වෙතින් අවශ්‍ය මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම සිදුවේ. ඒ අනුව අද (2020 මාර්තු 30) ලලාන් රබර්ස් (පුද්) සමාගම (Lalan Rubbers (Pvt) Ltd) විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත ආරක්‍ෂිත අත්ආවරණ 20000ක ප්‍රමාණයක් ලබාදීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, ඔවුන් විසින් මෙම වෛරසය රටතුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් සිදු කර ගෙන යනු ලබන වැඩසටහන් ඇගයීමට ලක් කර සිටින ලදි.

තවද, මෙම පරිත්‍යාගයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති තුමන් විසින් මෙම අවස්ථාවට පැමිණසිටි ලලාන් රබර්ස් (පුද්) සමාගමේ (Lalan Rubbers (Pvt) Ltd) නියෝජිත පිරිස වෙත තම කෘතවේදීත්වය පලකර සිටින ලදි.