අයිස් මත්ද්‍රව්‍ය ලග තබා ගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 31 වන දින පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

මත්ද්‍රව්‍ය කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් නිරන්තර දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන අතර, ජාවාරම් කරුවන් විශාල ප්‍රමාණයක්ද නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගයින් පිරිසක් 2020 මාර්තු 31වන දින පාලවිය, කරඹ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 310 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 23 වන වියෙහි පසුවන බවට තහවුරු කරගත් අතර, සැකකරු සහ අදාල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා නොරොච්චෝලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.