නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන් ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් හට මාසික ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදා රෝහල් හි සායනයන් මඟින් ප්‍රතිකාර ලබාගත් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කලාත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්‍ගලයින්ගේ පවුලේ සමාජිකයින්, රටේ දැනට පවතින ‘COVID-19’ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගෙන 2020 අප්‍රේල් මස 04 වන දින සිට ශීත දාමයේ පවතින ඖෂධ හැර (ඉන්සියුලින් වැනි) අනෙකුත් ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතට ප්‍රවාහනය කොට ලබාදීමට කටයුතු සලස්වනු ලබන අතර මෙම වැඩපිළිවෙල ‘COVID – 19’ව්‍යප්ති තත්වය සමනය වන තුරු ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාධිපති තීරණය කරන ලදි.

මෙම ක්‍රමවේදය යටතේ දීර්ඝ කාලීනව ප්‍රතිකාර නිර්දේශ කරන ලද, (දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇදුම, කාලීන වකුගඩු රෝග, ගර්භනී තත්ව, අක්‍ෂී, චර්ම, ස්නායු සහ මානසික රෝග) රෝගීන් හට ඖෂධ බෙදා හැරීම සිදු කිරීමට කටයුතු කරන අතර, මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් හට අවසන් වරට නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරුව, ලියාපදිංචි අංකය සහිත පවුල් ප්‍රතිකාර පෝරමය සහ දුරකථන අංකයද ඇතුලත්ව ඖෂධ ලැබිය යුතු ලිපිනය වට්ස්ඇප්, වයිබර් හෝ ඉමෝ (WhatsApp, Viber, Imo) තාක්ෂණය ඔස්සේ 076 3305064 දුරකථන අංකය වෙත යොමු කිරීමට කටයුතු කල යුතු වේ.

ඉහත රෝග සඳහා නි‍ර්දේශිත ඖෂධ දැනට නාවික හමුදා ඖෂධ ගබඩා තුළ පවතින තොගයන්ගෙන් පමනක් නිකුත් කරනු ලබන අතර දේශිය මිලදී ගැනීම් (Local Purchase) යටතේ කිසිඳු ඖෂධයක් ලබාදීමට කටයුතු නොකරන බව කාරුණිකව දන්වනු ලබයි.


මේ සම්බන්ධව සියළු විමසීම් පහත සඳහන් දුරකථන අංකයන් ඔස්සේ සිදුකිරීමට හැකියාව ලබා දී ඇත.

(i). 0763305033- විශ්‍රාමික නිලධාරීන් සහ ඔවුන්ගේ කාලාත්‍රයන්

(ii). 0763305054- විශ්‍රාමික නාවිකයින් සහ ඔවුන්ගේ කාලාත්‍රයන්

(iii). 0763305093- නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්

(iv). 0763305064- අබාධිත නාවික පුද්ගලයින්