වැදගත් සිදුවීම්

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන් ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් හට මාසික ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදා රෝහල් හි සායනයන් මඟින් ප්‍රතිකාර ලබාගත් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කලාත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්‍ගලයින්ගේ පවුලේ සමාජිකයින්, රටේ දැනට පවතින ‘COVID-19’ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගෙන 2020 අප්‍රේල් මස 04 වන දින සිට ශීත දාමයේ පවතින ඖෂධ හැර (ඉන්සියුලින් වැනි) අනෙකුත් ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතට ප්‍රවාහනය කොට ලබාදීමට කටයුතු සලස්වනු ලබන අතර මෙම වැඩපිළිවෙල ‘COVID – 19’ව්‍යප්ති තත්වය සමනය වන තුරු ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාධිපති තීරණය කරන ලදි.

01 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රීක් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

01 Apr 2020

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

01 Apr 2020

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 31 වන දින ආරුගම්බේ සිට කොත්තුකාල් ප්‍රදේශය දක්වා සිදුකල පාමුර සංචාරයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

01 Apr 2020

නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.

01 Apr 2020

නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පුල්මුඩේ, අරිසිමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

01 Apr 2020

කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

01 Apr 2020

නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

01 Apr 2020

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින කෝකිලායි, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී තහනම් දැලක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

01 Apr 2020

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පේසාලේ පොලිසිය එක්ව 2020 මාර්තු 31වන දින මන්නාරම, පේසාලේ, පෙරියකාසල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.

01 Apr 2020