නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් මගින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් තිදෙනෙක් (03) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 02 වන දින මුල්ලිකුලම් ප්‍රදේශයේ සහ පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සහ ‍හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සිලාවතුර පොලිසිය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා (02) සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 01.9 කට පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, නොරොච්චෝලේ පොලිසිය හා එක්ව සිදු කල තවත් එක් මෙහෙයුමකදී ‍සැක සහිත ත්‍රීරෝද රථයක් පරීක්‍ෂාවට ලක් කර එහි ගමන්ගත් පුද්ගලයා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකි වන ලදි. ඒ අනුව මෙම සිදුවීම් දෙකට (02) අදාලව සැකකරුවන් තිදෙනෙක්, ඔවුන් සතුව තිබූ කේරළ ගංජා සහ ‍හෙරොයින් මත්ද්‍රව්‍ය, යතුරු පැදියක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 28 ත් 46ත් අතර පසුවන මරිච්චිකඩිඩි සහ පාලවි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, අත් අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා (03), ඔවුන් සතුව තිබූ කේරළ ගංජා සහ ‍හෙරොයින්, යතුරු පැදිය (01) සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිලාවතුර සහ නොරොච්චෝලේ යන පොලිස් ස්ථාන මගින් සිදු කරනු ලබයි.