ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 අප්‍රේල් 04 වන දින ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය පාලනය කිරීම සහ මහජනතාවගේ ආරක්‍ෂාව උදෙසා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක එම ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 අප්‍රේල 04 වන දින ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. යතුරු පැදියකින් (01) ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී මෙසේ නාවික හමුදා භාරයට ගත් අතර, මෙම පුද්ගලයින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුර අණාවරණය කර ගන්නා ලදි. එසේම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යතුරු පැදිය (01) ඉදිරි විමර්ශන සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කර ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා රජය විසින් සිදු කරනු ලබන වැඩසටහන් සඳහා සහය දැක්වීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක්ව ඇති අවස්ථාවක මෙලෙස ඇඳිරි නීති තත්වය කඩකරමින් වගකීම් විරහිතව හැසිරෙන පුද්ගලයින් නීතිය ඉදිරියට රැගෙන ඒම සඳහා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරනු ලබයි.