වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, කොළඹ කොටුව ආශ්‍රිත බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

05 Apr 2020

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 අප්‍රේල් 04 වන දින ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

05 Apr 2020