කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 07 හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 93 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රට තුල සිදුවන නීතී විරෝධී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව 2020 අප්‍රේල් 07 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඇඳිරි නීති තත්වය නොසළකමින් ධාවනය කරමින් තිබූ සැක ‍සහිත ත්‍රීරෝද රථයක් නිරික්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂාවට ලක් කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා අලෙවි කිරීම සඳහා සූදානම් කර ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 93 ක ප්‍රමාණයක් සොයාගත් අතර, එහිදී එම කේරළ ගංජා සහ ත්‍රී‍රෝද රථය සමග එහි සිටි සැකකරුද (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 34 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට වැඩිදුරටත් අනාවරණය කර ගත් අතර, එම සැකකරු, කේරළ ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.