වැදගත් සිදුවීම්

නාවික හමුදා රෝහල් තුල විශේෂඥ වෛද්‍ය සායනයන් නොපැවැත්වෙන බැවින් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා නාවික පවුල්වල සාමාජිකයින් හට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ආරම්භ කෙරේ.

ශ්‍රීලංකා නාවික හමුදා වෛද්‍ය අංශය මගින් දෛනිකව සිදු කරන ලද වෛද්‍ය සායන වර්තමානයේ උද්ගත වී ඇති කොව්ඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නවතා ඇති බැවින්, ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධීකරණය කර අත්‍යවශ්‍ය වූ වෛද්‍ය ගැටලු සඳහා පිළියම් යෙදීමේ සේවාවක් ආරම්භ කර ඇත.

08 Apr 2020

කොළම නාවික මහ රෝහල වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

කොළඹ නාවික මහ රෝහල මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් අද (2020 අප්‍රේල් මස 08) ක්‍රියාත්මක කරන ලදි.

08 Apr 2020

නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සඳහා ප්‍රථිකාර ලබා දීමට හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව නිශ්පාදනය කරයි.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවන ලද අතර, එම උපකරණය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාර දීම අද (2020 අප්‍රේල් 08) සිදු කරන ලදි.

08 Apr 2020

කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදාව විසින් කේරළ ගංජා සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 08) මන්නාරම, කාකතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

08 Apr 2020

කාර්මික දෝෂයකට ලක්වු රුවල් යාත්‍රාවකට නාවික හමුදාවෙන් උපකාර.

දකුණු මුහුදු තීරය හරහා ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල මුහුද ආසන්නයේ නැංගුරම්ලා තිබියදී යාත්‍රාවේ සිටි යුවලක් වෙත අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 07 වන දින කටයුතු කරන ලදි.

08 Apr 2020

කල්පිටිය, ‘රුවල’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත ලබා දෙයි.

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 31 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 08) සිදු කරන ලදි.

08 Apr 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 07 හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 93 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

08 Apr 2020