මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මඩකලපුව කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් දිගුවක් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ මඩකලපුව කළපු ආශ්‍රිතව සිදු කරන ලදි. එහිදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.