වැදගත් සිදුවීම්

කේරළ ගංජා ලග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 10) රැකව ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

10 Apr 2020

නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟතබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 අප්‍රේල් 10) හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

10 Apr 2020

මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 10) කොටුවමඩ ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මඩකලපුව කළපුවේ මසුන් ඇල්ලීම සඳහා එළා තිබූ තහනම් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

10 Apr 2020

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද තවත් විෂබීජහරණ කුටියක් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද තවත් විෂබීජ හරණ කුටියක් අද (2020 අප්‍රේල් 10) කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය වෙත ලබා දීම සිදු කරන ලදි.

10 Apr 2020

හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ හැඳල ප්‍රදේශයේ නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදි.

10 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 07 වන දින සිට 09 වන දින දක්වා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල, කොලඹ වරාය ජය බහලුම් පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

10 Apr 2020

හෙරෝයින් ලග තබා ගත් පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින සිලාවතුර, මල්වතුඔය පාලම ආසන්න ප්‍රදේශයේදී හෙරෝයින් ලගතබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Apr 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

10 Apr 2020