නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟතබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 අප්‍රේල් 10) හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව මත්පැන් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා රජය විසින් ඇඳරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රට තුල සිදුවන සූක්‍ෂම මත්ද්‍රව්‍ය වෙළඳාම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව අද (2020 අප්‍රේල් 10) නාවික හමුදාව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව හලාවත, විජය කටුපොත ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී එම නිවසේ තිබී මත්පැන් බෝතල් 46ක් සහ බීර කෑන් 10ක් සොයා ගැනීමට සමත් වී ඇත. නිසි අවසරයකින් තොරව මෙම මත්පැන් සහ බීර කෑන් ලඟ තබා ගැනීම හේතුවෙන් එම නිවසේ සිටි පුද්ගලයෙකු මෙහිදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු වයස අවුරුදු 51 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරු, මත්පැන් සහ බීර කෑන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු ආරච්චිකට්ටුව පොලිසීය විසින් සිදු කරනු ලබයි.