කේරළ ගංජා ලග තබාගත් පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 10) රැකව ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් රැකව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාමුර සංචාරයක් සිදු කරන ලදි. එහිදි මාර්ගයේ ගමන්ගත් සැක සහිත පුද්ගලයෙකු (01) නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ කේරළ ගංජා ග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල සැකකරු සහ එම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම සැකකරු වයස අවුරුදු 36 ක් වන රැකව, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කරගත් අතර, එම සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.