ගිංතොට ප්‍රදේශයට පැම්ණි කිඹුලකු නිරුපද්‍රිතව අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල ගිංග‍ඟෙහි එලන ලද දැලක පැටලී ගිංතොට ‍දෙසට පැමිණී කිඹුලකු ප්‍රදේශවාසීන් සමග එක්ව නිරුපද්‍රිතව අල්ලා ගාල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.

අඩි දහයකට(10) ආසන්න දිගකින් යුත් මෙම කිඹුලා දින ගණනක සිට ප්‍රදේශයේ සැරිසැරා ඇති අතර. ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබද ගිංතොට මාර්ග බාධකයේ රාජකාරි වල නියුතු නාවිකයන් දැනුවත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ දකුණු නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර, ප්‍රදේශවාසීන් හා එක්ව කිඹුලා ගම්මානය තුළට යාම වළක්වා මහත් පරිශ්‍රමයක් දරා රදවා තබා ගැනීමට කටයුතු කරන ලදි. අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම කිඹුලා බුන්දල ජාතික වනෝද්‍යානය වෙත රැගෙන යාමට ක්‍රියා කළ අතර, එම සත්වයාට හෝ ජනතාවට හිංසාවක් නොවී නොපමාව සුදුසු පරිසරයකට යොමුකිරීම මගින් ප්‍රදේශයේ ජනතාවට එම සත්වයාගෙන් සිදු විය හැකි අවධානම වළක්වා ලීමට හැකියාව ලැබුණි.