නාවික හමුදාව ක්‍රියාත්මක කල තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් කිරිබත්ගොඩ ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 12 වන දින කිරිබත්ගොඩ කිංග්ස්වුඩ් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ සහ පෙරේරා මාවතේ නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි. එලෙස ක්‍රියාත්මක කරන ලදි තවත් එක් සංගීත වැඩසටහනක් 2020 අප්‍රේල් 12 වන දින කිරිබත්ගොඩ කිංග්ස්වුඩ් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ සහ පෙරේරා මාවතේ නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

මෙම සංගීත වැඩසටහන සඳහා ගායක ශිල්පීන්ගේ දායකත්වයද ලබා ගනිමින් එම ප්‍රදේශයන්හි වැසියන් හට ඉහල රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳවද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදි.