වැදගත් සිදුවීම්

නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 12 වන දින තංගල්ල සිට බෙලිඅත්ත දක්වා සිදු කල මුර සංචාරයකදී සහ ගිංතොට ප්‍රදේශයේ මාර්ග බාධකයකදී නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

13 Apr 2020

මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

13 Apr 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද ( 2020 අප්‍රේල් 13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

13 Apr 2020

පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මේ දින වල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි. ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස අද (2020 අප්‍රේල් 13) මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂා කිරීමේදී එම යාත්‍රාව තුල ගෝනි මලු පහක (05) සඟවා තිබූ ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්විය.

13 Apr 2020

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 12 වන දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

13 Apr 2020

නාවික හමුදාව ක්‍රියාත්මක කල තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් කිරිබත්ගොඩ ප්‍රදේශය කෙන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 12 වන දින කිරිබත්ගොඩ කිංග්ස්වුඩ් පාර්ක් මහල් නිවාස සංකීර්ණයේ සහ පෙරේරා මාවතේ නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

13 Apr 2020

නාවික හමුදාව විසින් විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන එයි.

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) අළුයම් කාලයේදී කටයුතු කරන ලදි.

13 Apr 2020

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 අප්‍රේල් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදී.

13 Apr 2020