ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 32 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් 2020 අප්‍රේල් 13 වන දින මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලද අතර, එහිදී එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගන්නා ලදි.

මෙම පිරිස ඇසුරු කල බවට ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක පිරිසක් හදුනාගත් අතර, එම පිරිස අතර සිටි එක් කාන්තාවක් කොවිඩ් 19 රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවන් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පොළොන්නරුව, වැලිකන්ද මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි. සෙසු පුද්ගලයින් 31 දෙනා 2020 අප්‍රේල් 13 වන දින මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි. එම පුද්ගලයින් අතර, කාන්තාවන් 06ක් පිරිමි පුද්ගලයින් 17ක් සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටී.