වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 13 වන දින ත්‍රිකුණාමලය, සල්පෙයාරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු සිය භාරයට ගැනීමට සමත් විය.

14 Apr 2020

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 අප්‍රේල් 13 වන දින පුත්තලම ආලන්කුඩා ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙක් සහ කාන්තාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

14 Apr 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව සැමරීම.

නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම 2020 අප්‍රේල් 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

14 Apr 2020

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 32 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් 2020 අප්‍රේල් 13 වන දින මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

14 Apr 2020