ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිස් හට අළුත් අවුරුදු කෑම බෙදාදීම සිදු කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔලුවිල් හි පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින් වෙනුවෙන් අළුත් අවුරුදු කෑම බෙදා දීම 2020 අප්‍රේල් 14 වන දින සිදු කරන ලදි.

ගෝලීය වසංගත තත්වයක් වශයෙන් පැතිරී යන කොරෝනා වෛරසය මෙරට තුළ පාලනය කිරීම සඳහා රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් තම සමීපතමයන් හා ඥාතීන්ගෙන් වෙන් වී ඔලුවිල් වරාය පරිශ්‍රයේ පිහිටි නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු වී සිටින පිරිස් වෙත ලැබුවා වූ සිංහල දෙමල අළුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි බෙදාදීම 2020 අප්‍රේල් 14 වන දින සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා නාවික ස්ථානගත කිරීම ඔලුවිල් ආයතනයේ නාවික පුද්ගලයින් විසින් තම උපරිම දායකත්වය ලබා දෙන ලදි.

දැනට මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 75 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටින අතර, ඉදිරියේදීද ඔවුන්ගේ සියළුම අවශ්‍යතාවයන් සොයා බලමින් ඔවුන්ට පහසුකම් සපයමින් එම නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය සහය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව තම උපරිම දායකත්වය ලබා දෙමින් සිටී.