නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය කල කාන්තාවක් (01) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින කල්පිටිය උච්චමුණෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ ව්‍යාප්තවීම පාලනය සඳහා දායකත්වය දක්වමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහාද නිරන්තර සොදිසි මෙහෙයුම් අඛණ්ඩව දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් සොදිසි මෙහෙයුමක් 2020 අප්‍රේල් 15 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් කල්පිටිය උච්චමුණෙයි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද අතර, එහිදී නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය කරනු ලබන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවක් සහ නීති විරෝධී දේශීය මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර 150ක පමණ ප්‍රමාණයක්, නීති විරෝධී දේශීය මත්පැන් ලීටර 36ක පමණ ප්‍රමාණයක් සහ එම මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද කාන්තාව (01) වයස අවුරුදු 49ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනා ගත් අතර, අදාල සැකකාරිය, දේශීය මත්පැන් සහ එම මත්පැන් නිශ්පාදනය සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ ගෝඩා ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.