ගංජා ලග තබාගත් පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී ගංජා සමග පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය කිරීමට නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහාද සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඉලුප්පුකඩවායි පොලිසිය හා එක්ව මන්නාරම, ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරීක්‍ෂා කර එම නිවසේ සිටි පුද්ගලයෙකු සතුව තිබී ගංජා ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල සැකකරු සහ එම කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 35 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය කරගත් අතර, එම සැකකරු සහ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු ඉලුප්පුකඩවායි පොලීසිය මගින් සිදු කරනු ලබයි.