මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව පොලිසිය හා එක්ව 2020 අප්‍රේල් 16 වන දින පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා නිරන්තර තම දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව 2020 අප්‍රේල් මස 16 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ යාන්ඔය මාර්ග බාධකයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම යතුරු පැදි දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනා සතුව තිබී ගංජා ග්‍රෑම් 30ක ප්‍රමාණයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, එහිදී මෙම පුද්ගලයින් තිදෙනා, මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ යතුරු පැදි දෙක (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙම සැකකරුවන් වයස අවුරුදු 22 ත් 32 ත් අතර වයසේ පසුවන වන පුඩුවකට්ටු සහ කුච්චවේලි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්, යතුරුපැදි සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාර දිමට කටයුතු කරන ලදී.