වැදගත් සිදුවීම්

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල තවත් පුද්ගලයින් 06 ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ.

කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කල ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, මාලිගාවත්ත සහ පුංචි බොරැල්ල යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 06ක් අද (2020 අප්‍රේල් 18) නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

18 Apr 2020

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට.

2020 අප්‍රේල් 18 වන දින මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ නාවික හමුදාව ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

18 Apr 2020

නිරෝධායන කටයුතු අවසන්කල තවත් 09 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් 09 දෙනෙකු අද (2020 අප්‍රේල් 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

18 Apr 2020

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 17 වන දින ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

18 Apr 2020

නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 17 කල්මුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

18 Apr 2020