නිරෝධායන කටයුතු අවසන්කල තවත් 09 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය කටයුතු අවසන් කල පුද්ගලයින් 09 දෙනෙකු අද (2020 අප්‍රේල් 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම ශ්‍රී ලාංකික පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලද අතර, මෙලෙස පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතික ලබා දීම ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කරන ලදි.

තවද, මෙම පිටත්ව යන පිරිස විසින් නිරෝධායන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා නාවික හමුදාව ලබා දුන් සහයෝගය ඔවුන්ගේ ඇගයීමට ලක්කර සිටින ලදි. මේ වන විට මෙම මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 77 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 25 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.