වැදගත් සිදුවීම්

ගංජා සමඟ කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 අප්‍රේල් 18 වන දින තංගල්ල ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ගංජා සමඟ කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

19 Apr 2020

කැළණි ග‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව බේරා ගනී.

පෑලියගොඩ නව කැළණි පාලම අසල කැළණි ග‍‍ඟේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට නාවික හමුදාව 2020 අප්‍රේල් 18 වන දින කටයුතු කරන ලදි.

19 Apr 2020

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින ත්‍රිකුණාමල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

19 Apr 2020

නාවික හමුදාව තවත් විනෝදාස්වාදාත්මක වැඩසටහනක් රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 18 වන දින රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

19 Apr 2020

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2020 අප්‍රේල් මස 18 වන දින කටයුතු කරන ලදි.

19 Apr 2020