මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 19 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව දිවයින වටා වූ සාගර කළාපයේ මුර සංචාරයන් දියත් කරනු ලබන අතර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රෙල් 19 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කරන ලද එවැනි තවත් එක් මුර සංචාරයක් අතරතුරදී මසුන් ඇල්ලීම සඳහා මුහුදේ එළා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.