නාවික හමුදාව විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ විෂබීජහරණය කරයි

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සියළුම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

පසුගිය දින පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිතයෙකු සොයා ගැනීමත් සමඟම එම පුද්ගලයා ගැවසුණු ස්ථාන සොයා විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී, ඒ අනුව එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි ගැවසී ඇති බවට ලද තොරතුරු වලට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් එම වෙළඳපොළ පරිශ්‍රය පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට අද (2020 අප්‍රේල් 21) කටයුතු කරන ලදි.

මෙහිදී සියළුම ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නියමිත ක්‍රියා පටිපාටියකට අනුව එම මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි.