නාවික හමුදාවේ දායකත්වයෙන් මසා නිම කරන ලද වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල තොගයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙත භාරදීම සිදු කරන ලදි.

කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් සංකේතාත්මකව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත භාර දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ‍සඳහා ප්‍රථිකාර ලබා දෙනු ලබන වෛද්‍ය කාර්යය මණ්ඩලයන් හට ඉතා දැඩි අවශ්‍යතාවයක් වන සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල ලබාදීමේ වැඩපිළිවෙළක් නාවික හමුදාව සහ වාහන ආනයන කරුවන්ගේ සංගමය එක්ව ආරම්භ කර ඇත. මෙහිදී එම ආරක්‍ෂිත ඇදුම් මසා නිම කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය වෙතින් ලබා දීමට කටයුතු කරන අතර, අදාල අමුද්‍රව්‍ය යොදා ගනිමින් නාවික හමුදා මැහුම් මධ්‍යස්ථාන මගින් එම සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් මසා නිම කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව එසේ මසා නිම කරන ලද සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් ප්‍රථම අධියර යටතේ සංකේතාත්මකව අද (2020 අප්‍රේල් 21) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් භාර දීම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙස කටයුතු කරනු ලබන පූජ්‍ය අග්‍රහාර කාශ්‍යප හිමියන් සහ වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටින ලදි.