නාවික හමුදාව විසින් තවත් සංගීත සැදෑවක් මහර, කඩවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොළඹ ප්‍රදේශයේ පවතින ඇඳිරිනීතිමය වාතාවරණය යටතේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාවගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 20 වන දින මහර කඩවත, ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල ඇඳිරිනීති තත්වය හේතුවෙන් නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ජීවත් වන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඒකාකාරී ස්වාභාවය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් සංගීත වැඩසටහනක් 2020 අප්‍රේල් 20 වන දින මහර, කඩවත, ප්‍රයිම් ලෑන්ඩ්ස් මහල් නිවාස සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

මෙම සංගීත වැඩසටහන සඳහා ‘කඳුල’ වැඩසටහන් මාලාවේ නිර්මාතෘ චාල්ස් තෝමස් සහෝදරතුමන්ද සහභාගී වී සිටි අතර, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු මූලික සෞඛ්‍ය උපදෙස් පිළිබඳවද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදි.